පළවෙනි මාතෘකාව ගැන නම් ගොඩක් දෙනා දන්නවා ඒත් ලිපියට මේ ටිකත් ඕනි නිසා පොඩ්ඩක් කියන්නම්.
1955 පෙබරවාරි මාසයේ 24 දින ඇමෙරිකා එක්සත් ජනපදයේ (USA), කැලිෆෝර්නියා ප්‍රාන්තයේ(California), සැන්ෆ්රැන්සිස්කෝ(San Francisco) වලදී විවාහ නොවූ විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් දෙදෙනෙකුට (Joanne Carole Schieble, Abdulfattah Jandali) දාව උපත ලැබීය. එම ශිෂ්‍යයන් දෙදෙනාට ඔහුව හදා ගැනීමට නොහැකි වූ නිසා, විවාහක යුවලක් වූ පෝල් ජොබ්ස් (Paul Jobs) හා කාර්ලා ජොබ්ස් (Carla Jobs) හට හදා ගැනීමට බාර කලේය. ස්ටීව් ජොබ්ස් ගේ ජීවිත කතාවේද ඔහු පවසා ඇත්තේ, "මාගේ දෙමාපියන් ලෙස මා 1000% ක් පිළිගන්නේ පෝල් ජොබ්ස් හා කාර්ලා ජොබ්ස් " බවයි. ස්ටීව් ජොබ්ස් යනු පරිගණක ඉංජිනේරුවෙක් වත්, සම්මත විශ්ව විද්‍යාල අධ්‍යාපනයක් වත් ලැබූ අයෙක් නොවේ. එහෙත් ඔහු ඇමෙරිකානු පේටන්ට් බලපත්‍ර 338 ක අයිතිකාරයෙකි. ඔහුට තිබුණේ ඔහුටම ආවේනික වූ කලාවක් හා දැනුමක් පමණි. 1974 දී රැකියාවක් කිරීමට පටන් ගත්තේය ඒ Atari Inc. වලය (එය ඇමෙරිකානු වීඩියෝ ගේම් නිපදවන ආයතනයකි ) .1976 ඔහුගේම කියා ව්‍යාපාරයක් අරඹන විට(එම ව්‍යාපාරයේ නම Apple විය) ඔහුට වයස අවුරුදු 21කි. එදා සිට 1985 මැයි 24 වන දින දක්වා, ඔහු සේවයෙන් අස්වන තුරුම Apple නමින් විවිධ නිෂ්පාදන එලිදැක්වීය. 1985 දී නැවතත් ඔහුගේ මූලිකත්වයෙන් NeXT Inc. පිහිටුවීය. NeXT Computer තුලින්ද පරිඝණක නිෂ්පාදනයට අමතරව ඉන්ටෙල් හා NeXT Computer විසින් නිපදවන ලද NeXTSTEP පරඝණක සඳහාද මෘදුකාංග නිපදවීය. ස්ටීව් ජොබ්ස් විසින් 1986 දී Graphic Group (මෙය ත්‍රිමාණ සජීවීකරණ සැකසීමේ ආයතනයකි) මිලදී ගෙන එයට Pixar යන නම තැබීය.
2006 ජනවාරි මස 24 වෙනි දින Walt Disney සමාගම විසින් Pixar සමාගම මිලදී ගන්නා විට, Walt Disney සමාගමේ වැඩිම කොටස් අයිතිකාරයා බවට Steve Jobs පත්විය. ඔය අතරතුරදී Steve Jobs ගේ NeXT Computer ආයතනයද Apple Inc. විසින් මිලදී ගත්තේය. ඒ Apple නිෂ්පාදන සඳහා අවශ්‍ය මෘදුකාංග නිපදවා ගැනීමටය. Apple ආයතනයද දිනෙන් දින දියුණුවන්නට විය. ස්ටීව් ජොබ්ස් ට Apple හි ප්‍රධාන විධායක ධූරයද හිමිවිය. ඒ 2000 වසරේදීය. හොඳ හොඳ Apple නිෂ්පාදන එළියට එන්නට පටන් ගන්නේ එතැන් සිටය. 2011 වසරේ ඔක්තෝමබර් මස 05 වෙනිදා ඇමෙරිකා එක්සත් ජනපදයේ කැලිෆෝර්නියා ප්‍රන්තයේ පාලෝ ඇල්ටොහිදී (Palo Alto) අවුරුදු 56 ක් ජීවත් වී පිළිකාවක් වැලඳී තිබීම නිසා මියගියේය.
ඩෙනිස් රිචී (Dennis Ritchie)
1941 සැප්තැම්බර් මාසයේ 09 වන දිනයේ ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝක් (New York)හිදී උපත ලැබීය. පියා ඇලිස්ටෙයා රිචී (Alistair E. Ritchie) විය(ඔහු විද්‍යාඥයෙකි). ඩෙනිස් රිචී, හාවර්ඩ් සරසවියෙන් 1967 දී (Harvard University) භෞතික විද්‍යාව(Physics) හා ව්‍යවහාරික ගණිතය(Applied Mathematics) පිළිබඳ උපාධියක් ලැබූවෙකි. එසේම 1968 දී හාවර්ඩ් විශ්ව විද්‍යාලයන් පරිඝණක විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධියද ලබා ගත්තේය.
ඩිජිටල් යුගයේ ආකෘතිය ගොඩනැගීමට බෙහෙවින් දායක වූ පුද්ගලයෙකු ලෙස ඔහු හැඳින්විය හැකිය. "C" ක්‍රමලේඛ භාෂාවේ (C programming language) නිර්මාතෘ ඔහුය. "C" ගැන දන්නා අයට නම් ඩෙනිස් රිචී යනු කවුදැයි දැන් වැටහෙනු ඇත. අද තිබෙන සියළු ක්‍රමලේඛ භාෂාවන් සඳහා ආභාෂය ලැබුනේ C වලිනි. 1975 දී ඇමෙරිකාවේ බෙල් ලැබ්ස් (Bell Labs) ආයතනයේදී ඔහු යුනික්ස් (Unix) මෙහෙයුම් පද්ධතිය නිර්මාණය කලේය. ඒ එම ආයතනයේ වැඩ කල තවත් හතර දෙනෙකුගේ උදව්වෙනි.
පරිඝණක විද්‍යාවට සිදු කල සේවය නිසා 1983 දී ටූරිං ත්‍යාගයෙන් (පරිඝණක විද්‍යාවේ නොබෙල් ත්‍යාගය ලෙස සැලකෙන්නේ මෙයයි) පිදුම් ලැබීය. ඊට අමතරව නොයෙක් අවස්ථාවන් වලදී පරිඝණක විද්‍යාඥයකු ලෙස ලැබිය හැකි බොහෝ සම්මාන වලින් ඔහු පිදුම් ලැබීය.
2011 ඔක්තෝබර් මස 12 වෙනි දින ඇමෙරිකාවේ නිව් ජර්සි හිදී (New Jersey, United States) අවුරුදු 70 ජීවත් වී පිළිකාවක් සහ හෘද රෝගයක් වැළඳී තිබීම නිසා මිය ගියේය.
ඉහත සඳහන් කරන ලද බොහෝ තොරතුරු බොහොමයක් දෙනා දන්නවා විය හැකිය. අදාල පුද්ගලයන් දෙදෙනා ගැන කෙටියෙන් සඳහන් කලේ මාගේ ලිපියේ මට කියන්නට අවශ්‍ය දෙයට, ඉහත සඳහන් කරන ලද මූලික දේවල් ටික සෑහෙන බැවිනි. මට කියන්නට ඕනෑ කරන දෙය පටන් ගන්නේ මෙතැන් සිටය.
දැන් ඉහත චරිත දෙකෙහි නම් දෙක දෙස බලන්න. ස්ටීව් ජොබ්ස් හා බලන කල ඩෙනිස් රිචී යනු කවුදැයි බොහෝවිට ඔබට සිතෙනු ඇත. පෙරදී එය මටද එසේම විය. ඔක්තෝබර් මාසයේදී ස්ටීව් ජොබ්ස් මිය ගියේය. එම මාසයේදීම ඩෙනිස් රිචී මිය ගියේය. ස්ටීව් ජොබ්ස් කල කී දේවල් ගැන ලෝකයේ හැම අස්සක් මුල්ලකම පාහේ කතා විය. අප සිරි ලංකාවේ ද එය එසේය. හැම ජනමාධ්‍යයකම වාගේ ස්ටීව් ජොබ්ස් එක් මාතෘකාවක් විය. අගය කලයුතු දෙයක් හෝ පුද්ගලයෙකු වේනම් අනිවාර්යෙන්ම ඇගයිය යුතුය. එයට මමද එකඟය. එහෙත් හැමෝටම වාගේ ඩෙනිස් රිචීව අමතක විය. ඔහු ගැන දන්නා පුද්ගලයින්ට නම් එය කණගාටුවට කරුණක් වූවා නිසැකය.
ඩෙනිස් රිචී යනු C පරිගණක ක්‍රමලේඛ භාෂාවේ(programming language) පියාය. ඩෙනිස් රිචී නැති නම් C programming language නැත. එවිට C+ හා C# ද නැති වේ. එවිට අද අප භාවිතා කරන්නා වූ බොහොමයක් මෘදුකාංග කෙසේ නිම වෙයිදැයි මටනම් අයිඩියා නැත. ඔබට අදහසක් ඇත්නම් කමෙන්ටුවකින් එය පවසන මෙන් ඉල්ලා සිටිමි.
ඩෙනිස් රිචී විසින් යුනික්ස් (Unix) නිර්මාණය කලේය. 1980 දී මයික්‍රොසොෆ්ට්(Microsoft) සමාගම 16bit සෙනික්ස් (Xenix) මෙහෙයුම් පද්ධතිය එලිදැක්වූයේය. එයට පාදක වූයේද යුනික්ස් මෙහෙයුම් පද්ධතියයි. මයික්‍රොසොෆ්ට්ලා තමන්ගේ මෙහෙයුම් පද්ධතිය දියණු කරන්නට යොදාගත්තේද සෙනික්ස් මෙහෙයුම් පද්ධතියයි. එසේම ඔවුන් වින්ඩෝස් නිර්මාණයට යොදා ගන්නේ C# ය. C# යනු C++ ද යොදාගනිමින් තනාගත්තකි. C# තනියෙන්ම තනාගත්තේ නම් Microsoft ලා ෂුවර් එකටම C# සිල්ලරට විකුණනු ඇත. ඩෙනිස් රිචී නොසිටින්නට මයික්රාසොෆ්ට්ලා කෙසේ රඟනු ඇද්දැයි මට සිතාගත හැකිය. එසේ වූ විට අපි කෙසේ රඟාවිදැයි මට සිතාගත නොහැකිය.
1987 දී ඇන්ඩ්රෑ ටෙනෙන්බෝම් විසින් මිනික්ස් (Minix) කියා යුනික්ස් පාදක මෙහෙයුම් පද්ධතියක් නිර්මාණය කලේය. ලිනකස් (Linux) මෙහෙයුම් පද්ධතිය බවට වෙනස් කලේද මෙම මිනික්ස් මෙහෙයුම් පද්ධතියයි. ඒ අනුව අද තිබෙන උබුන්ටු ඇතුළු සියලු ලිනක්ස් පාදක මෙහෙයුම් පද්ධති වලට මුල්ගල තබා ඇත්තේද ඩෙනිස් රිචී බව දැන් ඔබට වැටහෙනු ඇත.
ඉවර නැත. තව තිබේ.
ඇපල් සමාගම 1985 දී නිර්මාණය කල NeXT මෙහෙයුම් පද්ධතිය මුළුමනින්ම වාගේ යුනික්ස් උදව්වෙන් ගොඩනැගුනකි. මැක් ඕඑස් එක්ස් (Mac OS X) සාදන්නට ඇපල් සමාගම උපයෝගී කර ගත්තේ නෙක්ස්ට් මෙහෙයුම් පද්ධතියයි. 1971 දී ඩෙනිස් රිචී විසින් ලියනු ලැබූ සමහර කේත සටහන් ඒ අයුරින්ම අදත් මැක් ඕඑස් කර්නලයේ තිබේ. ඩෙනිස් රිචී යුනික්ස් නොහදන්නට ඇපල් කැලේය. එසේ වූවා නම් මහා ව්‍යවසායකයා වූ ස්ටීව් ජොබ්ස්ගේ ලස්සන අතීතය වෙනස් වන්නට බොහෝ ඉඩ තිබිණ.
නුදුරේදීම අපට ගූගල් ක්‍රෝම් ඕඑස් (Chrome OS) භාවිතා කරන්නට ලැබෙනු ඇත. එය පාවිච්චි කරන්නට දත කට මැදගෙන බලා සිටින්නන් අතර මමද එකෙක් වෙමි. ආරංචියේ හැටියට ක්‍රෝම් ඕඑස් යොදාගන්නට යන්නේද, ලිනක්ස් කර්නලයේ ඇති මිනික්ස් කේතය. ඒ අනුව අප බොහෝ දෙනෙකුගේ පරිඝණක අනාගතයද ඩෙනිස් රිචී අතින් ලියවී තිබේ.
මම ඉහත දේවල් ලියුවේ ඩෙනිස් රිචී ගැන නොදන්නා බොහෝ දෙනෙකු වෙනුවෙනි. තව එකතු කල යුතු දේවල් තිබේ නම් මා දැනුවත් කරන මෙන් ඔබ තමුන්නාන්සේලාගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි.
අප බොහෝ දෙනා දන්නා පරිදි ස්ටීව් ජොබ්ස් යනු සාර්ථකම ව්‍යවසායකයෙකි. බිල්ගේට්ස් යනු මෑතක් වන තුරුම මුල් පෙලේ ධනවතෙකි. එහෙත් ඩෙනිස් රිචී ? මා නම් දන්නා දෙයක් තිබුණේ නැත. එහෙත් පරිඝණක ලෝකයේ මුල්ගල් බොහොමයක් තබා එම මුල්ගල් තුලින් අළුත් ලෝකයක් නිර්මාණය කර තිබෙන්නේ අප බොහෝ දෙනෙක් නොදන්නා පුද්ගලයෙකි.
ඇත්තටම ලෝකයේ සාර්ථකම මට හිතෙන හැටියට නම් සල්ලිකාරයෝ විතරක් නොවේ. ඩෙනිස් රිචී නිර්මාණය කල දේවල් විකුණුවා නම් ඔහු ගැනද බොහෝ දෙනෙකු කතා කරනු ඇත. ඒ ඔහු ඒවා විකුණූවා නම් ඔහුට ඇති තරම් සල්ලි හොයන්නට පුළුවන්කම තිබුණු හෙයිනි. එහෙත් ඔහුට ගෞරව කරන්නට මිනිස්සු මැලි වන්නේ ඔහු ලොකු සල්ලිකාරයකු නොවන නිසාද ? ඩෙනිස් රිචී තමා දුක් මහන්සියෙන් නිර්මාණය කල දෙය හැමෝටම බෙදා දුන්නේය. මට සිතෙන හැටියට විවෘත නිදහස් මෘදුකාංග වලට අඩිතාලම වැටෙන්නට ඇත්තේද ඔහුගෙන් විය යුතුය. ඔහු කරගත් ඒ මහා පුණ්‍ය කර්මය හේතු කොට ගෙන අද අප පරිඝණක මෘදුකාංග හොරුන් වීමෙන් මදක් හෝ මිදී ඇත.
ඩෙනිස් රිචීට අවශ්‍යනම් සල්ලිකාරයකු වන්නට පුළුවන් කම තිබුනේ යැයි දැන් ඔබට වැටහෙනු ඇත. පුළුන්කම තිබියදී එසේ නොවූයේ ඇයි ?. එය එක් එක් පුද්ගලයාගේ සිතන හැටිය. ඔහු ලොකු සල්ලිකාරයකු නොවී සාමාන්‍ය ජීවිතයක් ගත කරමින්, ලෝකයට වැදගත් දෙයක් ලබා දී නිශ්ශබ්දව සිටීමට ප්‍රිය කලා වියහැකිය. සල්ලි පස්සේම දිවුවේනම් ඔහුට මෙවන් වටිනා දේවල් සොයාගැනීමට මානසික නිදහසක් නොතිබෙන්නට පුළුවන. ඔබට සාමාන්‍ය ජීවිතයේදීද එවන් මිනිසුන් මුණගැසී ඇති. මටද හමුවී තිබේ.
ඔහුට ලෝකයෙන් උපරිම ගරු කිරීමක් නොලැබීම ගැන මට මුලදී යම් කණගාටුවක් තිබුණි. එහෙත් ටික දිනකින් එය පහව ගියේය. බොහෝ දෙනෙකුගෙන් ගෞරව නොලැබුවද, ගෞරව ලැබිය යුතු මහා ප්රාඥයන්ගෙන් ඩෙනිස් රිචී ගෞරව ලබා ඇති නිසාවෙනි ඒ.
මෙවන් ලිපියක් ලියන්නට එක් හේතුවක් වූයේද මා අත්දුටු සිද්ධියකි. මා දන්නා පුද්ගලයකු සිටී (කරුණාකරලා නම් ගම් එහෙම අහන්න එපා හොඳේ). අපි ඔහුට කමල් කියමුකෝ (නම් ගම් මනංකල්පිතයි). ඔහුගේ මව පියා, සහෝදරියන් හා ඔහුව දන්නා කියන අයගෙන් නොයෙක් අවවාද උපදෙස් ලැබේ. ඒ මොකක් සඳහාවත් නොවේ, පුළුවන් කම තියද්දී සල්ලිකාරයෙක් නොවන්නේ මන්දැයි කියාය. "පුළුවන් කම තිබුනට සල්ලි හොයන්න පින නෑ බං" කියා කියන්නෝද සුලභ නොවේ. කමල් අයියා මා සමඟ හිතවත් පුද්ගලයෙකි. ඔහු ස්වාධීනව වැඩකරමින් මසකට රු. 30000 - 50000 අතර මුදලක් උපයා ගනී. මා දන්නා තරමින් ඔහුට අවශ්‍ය නම් 150000 - 200000 අතර මුදලක් ලේසියෙන් උපයා ගත හැක. ඊට වැඩි උවොත් මිස අඩු නම් නොවේ. එහෙත් මාද ඒ පිළිබඳව විමසූ විට ඔහු කියන්නේ, "මගේ පවුලේ වියදම් වලට ඇරුනහම, මට ඔච්චර හොයලා මොකටද ? ඊටත් වැඩිය මට ඕනි නිදහසත් තියනවනේ මල්ලී" යනුවෙනි. කමල් අයියාට වඩා බොහෝ සල්ලි ඇත්තවුන් ඔහුගෙන් වැඩක් කරගැනීමට සඳහා ඔහුව හමු වීමට වරු ගනන් රස්තියාදු වෙනවා මා ඕනෑ තරම් දැක තිබේ. මහා සල්ලියක් නොතිබුනද ඔහු සතුටින් ජීවත් වේ. මා ඔහුව අගයන ප්‍රධානම සාධකය එයයි.
මේ මට හිතෙන හැටිය. වැරදි වෙන්නට පුළුවන. එහෙත් මා හිතන ආකාරයට බොහෝ විට නිවැරදිය.
දැනටම මා හිතුවාටත් වඩා ලිපියේ ඔබා ඇත. මොනා කරන්නද? ඉතුරු ටික පස්සෙ ලියන්නයෑ. හිතට එන ගොඩක් දේවල් ලිව්වා දැන් ඇති වගේ. එහෙනම් ඔන්න මගේ පළවෙනි ලිපිය ඉවරයි. හැමෝටම සුභ දවසක් කිව්වා.
Sources : Wikipedia, Wijaya Pariganaka, ඉතුරුවා මගේ


patan genma godak sarthakai
ReplyDeleteතැන්කූ මේ පැත්තේ ආවාට
Deletepatta pata pata......... ohoma yan.. ohoma yan... hoda anagathayak thiyanwa. my congratulation...... ayye....
ReplyDelete(Y)
තැන්කූ වේවා
Deleteනියමයි,
ReplyDeleteමේ වගේ වැඩක් පටන් ගැනීම ගැන ප්‍රථමයෙන් මගේ සුබ පැතුම්!
මේ වකවානුව කියන්නේ මාර්කටින් වලින්,වෙළඳ ප්‍රචාරණ සමාගම් වලින් මතවාද,පුද්ගල චරිත නිර්මාණය කරන යුගයක්! ඉතින් මැණික් යට ගිහින් ගොම රිටි උඩ එනවා..
මේ වගේ මැදිහත්වීම් මේ අඩවියෙන් දිගටම කරන්න!(මුදල් මත්තෙම නැහෙන්නෙ නැති අල්පේච්ඡ ජීවන රටාව මමත් අගය කරනවා)
ජය!!!
සුභ පැතුම් විතරක් නම් මදි ඔන්. ඔයා වගේ අයගෙන් මට මේකේ තියන වැරදි ටික තමා දැනගන්න ඕනි හොෙඳේ. ස්තූතියි මේ පැත්තේ ආවට.
ReplyDeletehithanna aluth yomuwak... harima watina lipiyak...
ReplyDeleteබොහොම ස්තුතියි මේ පැත්තේ ආවාට. වැරදි එහෙම පෙන්නලා දෙන්න පුළුවන්නම් හොඳා.
DeleteVery good article.danaganmata vatina deyak thiyenawa.All the best...
ReplyDelete