දැන් නම් අපේ සිරි ලංකාවේ ගොඩක් දෙනෙක්ට තරු ෂුවර් එකටම දවල් තරු පෙනෙනවා ඇත, අනෙක් අතට විවිධ අයට බනිනවා ඇත. ඊට ප්‍රධානම හේතුව මට හිතෙන හැටියට නම් ඊයේ පෙරේදා තෙල් ගනන් ගිය එකය. අපේ රටේ මිනිස්සුන්ට තේරෙන්නේ නැත.
ඉන්ධන මිල වැඩිකල යුතුය. එසේ නොකල හොත් උද්ධමනය 0% වන අපි වගේ රටවල් වල ආර්ථිකය කඩා වැටෙන්නට ඉඩ තිබේ. වෙන වැඩි කරන්න දෙයක් නැති හින්දා ඉන්ධන වල වත් මිල වැඩි කල යුතුය, එවිට උද්ධමනය 2% ක් වත් වනු ඇත. එය රටට හොඳය. බස් ගාස්තුද ටිකක් වැඩි වුණි. තව බොහෝ දේ මිල වැඩි වුවොත් පුදුම විය යුතු නොවේ. ඒවාට කෑගැසිය යුතුද නොවේ. රටේ යහපත තකා එවැනි දේ කල යුතුය.
2009 මැයි මාසයේදී අපි අවුරුදු 30ක් පමණ බැට කෑ යුද්ධය ඉවර විය(මට මතක හැටියට 15 වෙනිදාය). එම කාර්යයට දිවිහිමියෙන් උර දුන් සියළු සොල්දාදුවන්ට ස්තූතිවන්ත වෙමි. සොල්දාදුවන් රටට කල සේවය වෙනුවෙන් ඔවුන්ට ගොඩාක් දේවල් ලැබෙන්නට ඇත. හිර ගෙවල් වල එහෙම සොල්දාදුවෝ නැත. යුද්ධය අහවර වීම නිසා මාස් පතා යුද්ධයට වියදම් වන මහා සල්ලි ප්‍රමාණයක් ඉතුරු වේ (දැන් කාටවත් යුද්ධය කරන්නට එච්චර සල්ලි ගියේ නෑ කියා කියන්නට බැරිය, යුද්ධය ඇති දවස් වල ඒ ගොල්ලෝ අපිට කීවේ යුද්ධය නැත්නම් අවුරුදු දෙක තුනකින් රට සංවර්ධනය කරන්නට හැකි බවය. දෙක තුන කීවේ තුනේ දෙවෙනි බලයක්දැයි හරියටම මතක නැත. එසේ වුවද කම් නැත). එම ඉතුරු වෙන සල්ලි වලින් අපේ රට සංවර්ධනය කරන්නට පටන් ගත්තේය. විවිධ රටවල් වලට තිබූ ණයද ටික ටික ගෙවන්නට පටන් ගත්තේය. තව සංවර්ධනය කරන්නට තිබෙන්නේ ටිකකි. තව ටික දවසකින් ලංකාව ණය බරෙන්ද නිදහස් වනු ඇත. එවිට අපිට කෙසේ වෙතත් සම හරක්ට මරු ෆන්ය. අපිට ෆන් නැත්තේ අපි දේශ ද්‍රෝහියෝ නිසාදැයි දන්නේ නැත.
අපේ රටේ, රට තුලට තැනූ වරායක් තිබේ. නැව් ආවත් නාවත් මම දන්නා විදිහට නම් දකුණු ආසියාවටම එවැනි ඒවා ඇත්තේ එකකි. නෙළුම් පොකුණක් ලැබීමට තරම් සිරි ලංකාවේ අපි වාසනා වන්තයෝ වූහ. තව ටික දවසකින් ඉන්දියාවේ සල්මන් ඛාන්ලා, කට්රිනා කයිෆ්ලා ඒකට පැමිණ සංදර්ශන පවත් වනු ඇත (ඉන්දියාවේ එහෙම එකක් නැති නිසාවෙනි ඒ). එවිට මහා මුදල් කන්දරාවක් රටට ලැබේ. ඊට පෙර අපේ රටට රන්මිණිතැන්න හෝ ඒ වගේ එකක් ලැබුණි. දැන් එහි සමහර විට බොලිවුඩ් චිත්‍රපටිද නිෂ්පාදනය කරනු ඇත. අපිට හයි වේ එකක්ද තිබේ. වාර්තාගත ලෙස එහි ආදායම්ද ඉහල යයි. මේ සල්ලි වලින්ද චීනයට ඇති ණය දවස් 15න් ගෙවා ඉවර කරන්නට ඇත. දැන් අපි චීනයට ණය නැති විය යුතුය. හයිවේ ආදායම අපේ රටටම ලැබෙනු ඇත. මේ ඔක්කොම රටටය, එහි සිටින අපටය.
තව මාස කිහිපයකින් (මාස කිහිපයක් යනු ඕනෑම මාස ගණනක් විය හැක. කෙසේ වෙතත් 2016 මහ ඡන්දයක් තිබුනොත් එයට කලින් අනිවාර්යෙන් විවෘත කරනවා ඇත) අපේ ඓශ්චර්යමත් ශ්‍රී ලංකාවේ ජනතාව නෙළුම් කුළුනක හිමිකාරයෝ වේ. එය ලැබීමත් සමඟ රට සංවර්ධනය කරන්නට තිබූ මහා බාධකය ඉවත්වනු ඇත. රටම රන් කරන්නට එයම ප්‍රමාණවත් වන්නට පුළුවන. එවිට නිධන් සොයමින් මහන්සි වෙන්නට වෙන්නේද නැත. ඒ නිසා කෝච්චි පාරවල්, මහ පාරවල් හදන විට යන අතිරේක වියදම්ද ඉතිරි වනු ඇත. නෙළුම් කුළුන බලන්නට එන ෆොරිනර්ස් ලාට ඉන්න හිටින්නට අපේ ගෙවල් වල කාමරද කුළියට දෙන්නට හැකි වනු ඇත. එච්චර සෙනඟක් එන්ට විදිහක් නෑ කියන්නට බැරිය. කෝකටත් රෙඩි පිට හිඳීම ඇඟට ගුණය. එය ඉදිකිරීමත් සමඟ රටට මහා ධනස්කන්දයක් ලැබෙනු ඇත. නෙළුම් කුළුන සාදා ඉවර වී දින දෙකකින් රෝහල් වලට බොහෝ පහසුකම් ලැබෙනු ඇත. එවිට රෝගීන්ට ඇඳවල් යට සිටින්නට ඕනෑ නැත. බෙහෙත් ගිඟයක් එහෙම දකින්නට වත් නැතිවනු ඇත. සතියකින් රටේ සරසවි වලට අවශ්‍ය සියළු පහසුකම් ලබා දෙනු ඇත. මාසයකින් රටේ සෑම මිනිසෙකුටම ගෙයක්, වාහනයක්, රස්සා නැති අයට රස්සාවක් සහ ......, ......., etc. සහ තව එකී නොකී බොහෝ දෑ ලැබෙනු ඇත. එවිට රට නිකම්ම දියුණු වී හමාරය. දියුණුව උපරිමයටම ගියොත් ඇමෙරිකානු ඩොලරය රු. 250 ක් දක්වා ඉහල ගියොත් පුදුම වන්නට අවශ්‍ය නැත. එය ඓශ්චර්යයේ සුළු අතුරු ඵලයකි.
දැන් බොරුවට කෑ ගසන බොහෝ දේශද්‍රෝහීන්ට ලංකාවේ තත්වය තේරුම යන්නට ඇත. එවන් සිංහලයෝ මෝඩයෝය, කැවුම් කන්න සූරයෝය. රටේ සංවර්ධනය දරා ගන්නට බැරි දේශ ද්‍රෝහියෝ හට කරන්නටම දෙයක් නැතිනම් ලෝටස් ටවර් එකේ ඉහලටම ගොස් පහලට පනින්නටත් හැකිය.
හැමදාම වාගේ අදත් මාතෘකාවනම් ගැලපෙනවාද මන්දා. කොහොම හරි පොඩියට ලියන්න හිටිය එක ලොකුවටම ලියන්න වුණා.
හැමෝටම සුභ අතීතයක් !
Sources : එක එක පත්තර, සම හරක් කියන දේවල්, පොඩ්ඩක් විතර මගේ අයිඩියා

මල්ලි,
ReplyDeleteසුදු වෑන් ගන්නවද?
දේශපාලන රැකවරණ ගන්නවද?
ඇයි අයියෙ සුදු වෑන් එවන්නෙ ? මම කාටවත් බැනලයෑ. අපේ රටේ සංවර්ධනේ හරියට තේරුම් ගත්ත නැති අහිංසක ජනතාවට තේරෙන්න තමයි මේක ලිව්වේ. හරිනම් මට ප්‍රශංසා කරන්න ඕනි මේ කරන වැඩේට.
Deleteelaaaaaa ....... ඇත්ත ඇති සැටියෙන් කියල සුදු වැන් එකේ ගියත් කමක් න ayyala.....මොකද අපි සිංහලයෝ.... අපේ අහිංසක ජනතාව වෙනුවෙන් ඔයා කරන්නේ ලොකු මෙහෙවරක්. බොරුවට කට මද දොඩවල අහිංසක මිනිසුන්ගේ හිත වලට විසබීජ දන එඋන් ගේ රෙදි ගලවල අපේ මිනිසුන්ගේ ඇස් අරවන්න මේක හොද මාර්ගයක්. හැම තිස්සෙම negative පැත්තම බලලා ක ගහනවද නැත්තම් අපිට ලැබිල තියන දේවල් ගැන සතුටු වෙන වද කියන එක තොර ගන්න ඕනි.
ReplyDeleteසුබ අනාගතයක්....
ඒක ඇත්ත මලයා. අපේ රටේ සම හරක් ඉන්නවනේ මල්ලී මොනවද වෙන්නේ කියලා තේරෙන්නේ නැති. ඒ අයට තේරුම්ගන්න තමයි මම මේ ලියන්නේ. ඔයාලා මේ සුදු වෑන් ගැන කථා කරනවා. හරිනම් මට BMW එකක් එවන්න ඕනි.
Deleteලෝකෙ හොද නරක දෙකම තිබේ.. නරක අඩුවන තරමට හා හොද වැඩි වන තරමට මේ ලෝකෙ ලස්සන වේවි!
ReplyDeleteඅනේද කියන්නේ පිටසක්වලයා. බොහොම ස්තූතියි මේ පැත්තේ ආවට.
ReplyDelete