Monday, February 6, 2012

පටන් ගත්තා විතරයි . . . .




ඔන්න ඉතින් නමෝ විත්තියෙන් ශිරා පටන් ගත්තා එකක්. කට්ටිය හදිස්සියෙම බලනවා ඇති පටන්ගත්ත එක මොකක්ද කියලා. මොකවත් නෙමෙයි පටන් ගත්තෙ Blog එකක්. මොකක්දෝ මන්දා හි‍තේ තිබිච්ච ආසාවකට හිතුනා නොවැ එකක් ලියන්න. මහ දේවල් ලියන්න තරම් නම් පොරක් නෙමෙයි මම. ඒත් ඉතින් දන්න දේවල්, සිද්ධවෙච්ච දේවල් ඔයලා එක්ක බෙදාගන්න තමයි අයිඩියාව. 

කොච්චර Blog කියෙව්වත් වැඩේ කරන හැටි ගැන නම් දැනගෙන හිටියේ නෑ. ඒත් ඉතින් දන්නෑ කියලා හරියනවයැ. අනිත් කට්ටිය ලියලා තියන හැටි බලලා, සයිබරෙත් කරක් ගහලා, මේ ගැන දන්න අ‍යගෙනුත් ටිකක් අහගෙන තමයි  බ්ලොග් එකක් ගැටගහගත්තේ. අද නම් ඉතින් ගොඩක් වැදගත් කියලා දෙයක් නම් ලියන්න නෑ. ඉක්මනටම හොඳ ලිපියකින් හම්බවෙන්නම්කෝ. කට්ටියට මතක් කරන්නයි මේ කියන්නෙ. කලින්ම කියන්න ඕනි ශිරා තාම Blog වලට අළුත් හො‍‍‍‍‍‍‍‍ඳේ. ඉතින් වැරදි තියනවනම් පේන්නල දීලා, ඔළුව අතගාල ‍ටොක්කක් ඇනලා, ගල් මුල් වලින් ගහලා  ඔය කරන්න තියන ජාති ඔක්කොම කරලා හැමෝම මට උදවු කරන්න ඕනි හො‍‍‍ඳේ. ආයිත් කියන්නේ එක වැරැද්දක් හරි හැමෝටම පෙන්නලා දෙන්න පුළුවන්නම් ගොඩක් වටිනවා.


ගොඩාක් ස්තූතියි කියෙව්වට !

2 comments:

  1. dannawada minihek rupiyalakin podi kadayak dala godak diunu unalu.
    thawath minihek 10000000 dala a vedema patan gahthtalu.
    dennama hithapu nethi velawaka vyapare kadagena vetunalu.
    eth rupiyalen patangaththa minihata ganak nethilu.
    eth 10000000 dala vede patan gaththa minihata hena aulalu.
    a ai dannawada.
    rupiyalen patan gaththa minihata paduwa rupiyalai.
    10000000 dala patan gaththa minihata paduawa 10000000 yai.
    eka handa onima deyak podiyata patan ganna eka thami hoda.
    (shanu)

    ReplyDelete
    Replies
    1. @ ශානුක - මමත් මේ හිටියේ ඔයා ඇවිල්ලා මොකක් හරි කියලා යනකම්. ඉක්මනටම ලිපියක් දාන්නම්

      Delete